මෝටර් රථය කුඩු පට්ටම් වෙද්දී දිවි බේරාගත් සිව්දෙනා... මින්නේරිය පාරේදී අලුයම සිදුවූ තැතිගන්වනසුලු අනතුර..
Monday, 03 August 2026 - 10:21 | Views - 165
හබරණ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේදී ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් අද (03) අලුයම සිදුවූ අනතුරකින් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබෙනවා.

එහිදී එම අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ගමන් ගත් සිව්දෙනෙකු නිරුපද්‍රිතව සිටින බව‍යි අප වාර්තාකරු සඳහන් කළා.

අද අලුයම 1.10 ට පමණ මින්නේරිය ජාතික වන උද්‍යානය හරහා වැටී ඇති හබරණ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අලුයම් කාලයේ පැවති අඳුරු ස්වභාවය නිසා මාර්ගයේ සිටි වන අලියා රියදුරුට එක්වරම දර්ශනය වී ඇත්තේ නැහැ.

එම මොහොතේ ධාවනය වූ මෝටර් රථය වන අලියාගේ ගැටීමත් සමඟ උරණ වූ අලියා මෝටර් රථයට පහරදී ඇති අතර, රථයේ ගමන්ගත් පිරිස ක්ෂණිකව දිව ගොස් දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම මෝටර් රථයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් ඕටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top