මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්.. අයහපත් කාලගුණය නිසා හැටන් සහ නුවරඑළිය පාසල් වැසෙයි.
Monday, 03 August 2026 - 10:01 | Views - 167
මධ්‍යම පළාතට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශ රැසක ජනජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.
 
පවතින දැඩි වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවල පිහිටි පාසල් අවශ්‍යතාව පරිදි වසා තැබීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය සහ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම විශේෂ තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ පවතින වර්ෂාපතනයේ ස්වභාවය අනුව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අදාළ ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන්ට පූර්ණ බලතල හිමිවෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top