මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්.. අයහපත් කාලගුණය නිසා හැටන් සහ නුවරඑළිය පාසල් වැසෙයි.
මධ්‍යම පළාතට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශ රැසක ජනජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.
පවතින දැඩි වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවල පිහිටි පාසල් අවශ්‍යතාව පරිදි වසා තැබීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය සහ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම විශේෂ තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ පවතින වර්ෂාපතනයේ ස්වභාවය අනුව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අදාළ ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන්ට පූර්ණ බලතල හිමිවෙනවා.