ප්‍රසූතියට දින 2ක් තිබියදී වාද්දුවෙන් ඇසුණු අවාසනාවන්ත පුවත.. එකම පවුලේ දෙදෙනෙකුගේ ජීවිත බිලිගත් ඩෙංගු මාරයා..
Monday, 03 August 2026 - 9:58 | Views - 141
කුළුදුල් දරු ප්‍රසූතියට දින දෙකක් පමණ ඉතිරිව තිබියදී දරුවා සමග මව ද මෙලොව හැර ගිය ඉතා අනුවේදනීය සිද්ධියක් වාද්දුව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.

මෙසේ මියගොස් ඇත්තේ නූපන් බිලිදෙකු සමග වාද්දුව, කැතරින් මාවත, පදිංචි 34 හැවිරිදි කේ. දිලානි ප්‍රනාන්දු යි.

ඇගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර මිය යෑමට ප්‍රථම ඇයට ඩෙංගු රෝගය වැළදී ඇති බව රුධිර පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව ඥාතීන් පවසනවා.

ඇයට, පසුගිය 24 දා උණ ගතියක් ඇති වී වේදනා නාශක පෙති දෙකක් පානය කිරීමෙන් පසු සුව වූ බවත් පසුව මළපහ පිට නොවීම නිසා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව එම තත්වය පහ වූ බවත් ඥාතීන් පවසනවා.

දරුවා ලැබීමට මුල් මාසයේ සිටම සම්බන්ධ වූ පෞද්ගලික රෝහල එය වන අතර සීසර් සැත්කමකින් දරුවා බිහි කිරීමට නියමිතව සිටි නිසා ඩෙංගු රෝගය වැළදී ඇති බව ඒ සදහා සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඉඩ නොමැති බැවින් ඇයගේ ඥාතීන් ඇයව රජයේ මාතෘ රෝහලකට රැගෙන ගොස් තිබුණා.

එම අවස්ථාව වන විටත් ඉතාමත් ප්‍රමාද බව එම රෝහලින් පවසා ඇති අතර එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුදින එනම් 28 දා දරුවාත් 29 දා සවස මවත් මියගිය බව රෝහලින් පැවසූ බව ඥාතීහු පැවසුවා.

සිය ඥාති සහෝදරිය ගැන මියගිය දිලානිගේ සැමියාගේ සහෝදරිය වන දිලානි ගුණවර්ධන මෙසේ පැවසුවා.

“අපේ ගම ගම්පහ, මිනුම්ගොඩ. දිලානි විවාහ වෙලා ඉන්නේ මගේ මල්ලි ඉසුරු ගුණවර්ධන (42) එක්ක. මල්ලි ගුවන්පාලක මෙහෙයුම්වරයෙක් විදිහට වැඩ කරනවා. මල්ලි වරින් වර රට ගිහින් එනකොට කඩවලට දාන්න ෆෝන් ගේනවා. මේ නංගි බිස්නස්වලට හරි දස්සයි. එයා වාද්දුවෙ ටවුන් එකේ ෆෝන් ෂොප් එකක් කරනවා. මල්ලි ඒ කඩේටත් ෆෝන් දාන්න ඇවිල්ල දෙන්නා අඳුරගෙන යාළුවෙලා තමයි මීට අවුරුදු දෙකකට විතර කලින් විවාහ වුණේ. ඒ දෙන්නා හරි ආදරෙන් සමඟියෙන් හිටියා. නෑනට මීට කලින් මාස තුන්දී විතර බබෙක් ලැබෙන්න ඉඳල නැති වුණා. ඒ එයාගේ බඩේ ගෙඩියක් තිබිලා. පුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒක අයින් කළා. ඊට පස්සේ මේ බබා ලැබෙන්න ඉන්නකොට ඒ වෛද්‍යවරයාට තමයි හැමදාම පෙන්නලා තියෙන්නේ. අම්මාත් බබත් හොඳ සනීපෙන් මේ වෙනකන් ඉඳලා තිබුණා.

ඒ රෝහලේම සීසර් එකකින් බබා ලබාගන්න තමයි එයාලා බලාපොරොත්තුවෙන් හිටියේ. අම්මයි බබයි දෙන්නම හොඳ නිරෝගීව ඉන්නවා කියලා තමයි කියල තිබුණේ. ඒකට දවස් තුන හතරක් තියෙද්දි තමයි එයාට උණ ගතියක් ඇවිත් තිබුණෙ. ඒත් ඒක ගණන් ගන්න තරම් දෙයක් වෙලා තිබුණේ නැහැ. එයා හොඳට කාලා බීලා වෙනද වගේම හැම වැඩක්ම කරගෙන හොදට ඉඳලා තිබුණා.

ඒ උනාට වැසිකිලි යන්න බැරි අමාරුවක් තිබිලා තමයි ඒ රෝහලට ඇතුළත් කරල තිබුණේ. කොහොම වුණත් අන්තිමේදී අම්මයි බබයි දෙන්නම අපිට නැතිවෙලා ගියා. අධිකරණ වෛද්‍යවරයාට දැම්මට පස්සේ තමයි බබාව අරන් තියෙන්නේ. හරි ලස්සන පුතෙක් හිටියේ. දැන් අම්මයි බබයි මෙහෙම ඉන්නවා බලන්නේ කොහොමද අපි.”

වෛද්‍යවරුන් බිරිඳ සහ දරුවා බේරා ගැනීමට විශාල කැප කිරීමක් සිදුකළ බව මරණකාරියගේ සැමියා වන ඉසුරු ගුණවර්ධන පැවසුවා.

එය තමන් ඇස් දෙකෙන්ම දැකගත් බවත් ඔහු සංවේදීව සඳහන් කළා. "මේක එයාගෙයි මගෙයි අවාසනාව වෙන්න ඇති" ඔහු පැවසුවා.

මියගිය මවගේ දෙපා මත මියගිය බිලිදු මළ සිරුර සහිත දෙන නිවෙසේ තැන්පත් කර තිබියදී ප්‍රදේශවාසීන් වැල නොකැඩී ඇදී ආවේ අවසන් ගෞරව දැක්වීම සඳහා කඳුළු සලමිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top