එකපාරටම මුළු රටේම කාලගුණය වෙනස් වෙයි... ප්‍රදේශ රැසකට අදත් තද වැසි සහ තද සුළං..
දිවයිනේ පළාත් රැසක අද දිනයේදී වලාකුළින් බර කාලගුණික තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
මෙම තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි මෙන්ම පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන ඉතා තද වැසි පතනය විය හැකියි.
ඊට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කළා.
එමෙන්ම බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත් සඳහා වැසි වාර කිහිපයක් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින අතර මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද සඳහන් වෙනවා.
මීට අමතරව උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට තද සුළං ඇතිවිය හැකි බැවින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.