වසර 16 කට පසු පේරාදෙණිය උද්‍යානය හැඩකළ ලොව විශාලතම උඩවැඩියා මල් ගොන්න.. සොබාදමේ අපූරු පුවතක් මෙන්න..
Saturday, 01 August 2026 - 17:16 | Views - 29

ලොව විශාලතම උඩවැඩියා ශාකය ලෙස සැලකෙන යෝධ උඩවැඩියා මල් ගොන්නක් මේ දිනවල පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිපී තිබෙනවා.
Grammatopyllum speciosum යන උද්භිද විද්‍යා නමින් හඳුන්වන මෙම යෝධ උඩවැඩියා ශාකය ලොව විශාලත්වයෙන් වැඩිම උඩවැඩියා ශාඛය ලෙස වර්තා ගත වී ඇති බවයි පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සඳහන් කරන්නේ..
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ උඩවැඩියා අංශ ප්‍රධානී ඉරෝෂණි අන්ද්‍රාදි මේ සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් අදහසක්..
"මෙම යෝධ උඩවැඩියා ශාඛයේ මල් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දකින්නට ලැබෙන්නේ අවුරුදු 16 කට විතර පස්සේ. මෙම මල් හට ගෙන ඇති ශාඛය 2022 වසරේ රෝපණය කළ එකක්.
ඒකේ පළමු වතාවටයි මේ මල් පිපිල තියෙන්නේ. මුලින් 2010 දී විතර මේ මල් විශේෂය දකින්න ලැබුණා. ඊට පස්සේ අවුරුදු 16 කට විතර පස්සේ තමයි මේ දැන් දකින්න ලැබිල තියෙන්නේ. මේ ශාකය රෝපණය කළේ 2022 දී විතර. විශාලතම උඩවැඩියා ශාකය වන මේ ශාකය වැඩියෙන් පැතිරිලා තියෙන්නේ අග්නිදිග ආසියානු රටවලයි. මෙම ශාකයේ විශාල එකක් ටොන් එකක් විතර බරක් තියෙනවා.
මීටර් දෙකක් තුනක් විතර උස මල් කිනිති හැදෙනවා. මේ මල් වර්ගය අතිශයින්ම දුර්ලභ නිසා අපි ආරාධනා කරනවා දෙස් විදෙස් සංචාරකයින්ට මේ ලැබෙන දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ලොව විශාලතම උඩවැඩියා මල් ගොන්න දැක ගන්නට පැමිණෙන ලෙස යැයිද ඉල්ලීමක් කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.සි.පි.ජයවීර මහත්මිය සඳහන් කරන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ මේ වන විට පිපී ඇති මෙම මෙම යෝධ උඩවැඩියා මල් සමූහය දැක ගැනිමට සියලු දෙනාට ආරාධනා කරන බවයි.
මෙම ලොව විශාලතම ඕකිඩ් මල් ගොන්න දැක ගැනීමට ලැබී ඇති දුර්ලභ අවස්ථාවක් බවත් අධ්‍යක්ෂ ජනරාල් ජයවීර මහත්මිය තව දුරටත් සඳහන් කරනවා.
Gammatophyllum speciousm යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම උඩවැඩියා ශාකය තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය ඇතුළු රටවල්වල විශේෂයෙන් දක්නට ලැබෙයි.
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උඩවැඩියා අංශය තව දුරටත් සඳහන් කරන්නේ යෝධ උඩවැඩියා ශාකයක් මල් පිපෙන තත්වයට පරිතන වීම සඳහා වසර 8ත් - 15 ත් අතර කාලයක් ගත වන බවයි.
මෙම ශාකයේ මල් වාර්ෂිකව හට නොගන්නා බවත් වසර හතරකට පමණ පසුව මල් හට ගැනීම සිදු වන බවත් සඳහන් වෙනවා. කෙසේ නමුත් ඒ සඳහා පාරිසරික සහ දේශගුණික තත්වයන්ද බලපාන බවත් උද්භිද උද්‍යානයේ උඩවැඩියා අංශය තව දුරටත් සඳහන් කරනවා.
Share This Article