යුරෝපීය සංක්‍රමණික අර්බුදයේ නවතම තත්ත්වය.. ස්පාඤ්ඤයට ආ සංක්‍රමණිකයන් දහස් ගණනක් ආපසු යන හැටි මෙන්න.
මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයේ - සේයුටා වෙත කඩා වැදුණු සංක්‍රමණිකයන් 60,000න් 50,000ක පිරිසක් මේ වන විට සිය කැමැත්තෙන්ම යළි මොරොක්කෝව බලා පිටත්ව යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම විශාල පිරිස ස්පාඤ්ඤයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී දියේ ගිලීමෙන් සහ තෙරපීමට ලක්වීමෙන් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව පෙන්වා දුන්නා.
මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්පාඤ්ඤ අගමැතිවරයා මිනිස් ජාවාරම්කාර කල්ලි දැඩි දෝෂදර්ශනයට ලක් කළ බව වාර්තා වනවා.
ඉදිරියේදී මෙවැනි නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා දේශසීමා ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බව බලධාරීන් සඳහන් කළා.