කොළඹ වරායට බස්නාහිරින් මුහුදේ වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි. ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්..
Saturday, 01 August 2026 - 15:44 | Views - 95
කොළඹ වරායේ සිට බස්නාහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වූ මුහුදේදී වෙළෙඳ නෞකාවකින් හිස් බහාලුම් (කන්ටේනර්) 17ක් මුහුදට වැටී පාවෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

මෙම අනතුර උතුරු අක්ෂාංශ 06 54’ සහ නැගෙනහිර දේශාංශ 079 32’ ට ආසන්න මුහුදු ප්‍රදේශයේදී සිදුව ඇති බව වාර්තා වනවා.

පවතින මුහුදු දියවැල් ස්වභාවය අනුව මෙම හිස් බහාලුම් බේරුවල සිට මීගමුව හරහා පුත්තලම දක්වා වූ මුහුදු තීරයේ ගොඩබිම දෙසට පාවී ඒමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල රැකියාවේ නිරත වන සහ ගමන් කරමින් පවතින සියලුම බහුදින හා කුඩා ධීවර යාත්‍රා මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ප්‍රකාශ කළා.

යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත් වහාම ඒ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානය වෙත හෝ ආසන්නතම ධීවර වරාය නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top