AI ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භයක්.. ට්‍රිලියන 2.8ක බලසම්පන්න AI ආකෘතිය නොමිලේ බාගත කරගන්නා හැටි මෙන්න.
Saturday, 01 August 2026 - 9:07 | Views - 46
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා සිට පූර්ණ වශයෙන් ලොව පුරා මහජනතාවට විවෘත කිරීමට චීන Moonshot AI සමාගම පියවර ගත් බව වාර්තා වනවා.

ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය වන මෙහි සමස්ත පරාමිතීන් ප්‍රමාණය ට්‍රිලියන 2.8ක් ලෙස සටහන් වන බව සඳහන් කළා.

මෙම Kimi K3 ආකෘතිය චීන Moonshot AI සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන අතර ඊට සම්පූර්ණ ආකෘති බර, තාක්ෂණික වාර්තා මෙන්ම ආකෘති පුහුණුව සඳහා සහාය වන මූලික තාක්ෂණ පහසුකම් තුනක් ද ඇතුළත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ලොව පුරා කෘත්‍රිම බුද්ධි සංවර්ධකයින්ට එය නොමිලේ බාගත කර දේශීයව භාවිත කළ හැකි බව ප්‍රකාශ කළා.

චීන මහා පරිමාණ AI ආකෘතියක් ලොවට විවෘත කළ පළමු අවස්ථාව මෙය නොවුණ ද, ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත විශාල ආකෘතියක් ගෝලීයව පූර්ණ වශයෙන් විවෘත කළ පළමු අවස්ථාව මෙය බව පෙන්වා දුන්නා.

මේ වසර ආරම්භයේ සිට චීනයේ කෘත්‍රිම බුද්ධි මහා පරිමාණ ආකෘති මූලාශ්‍ර විවෘත කිරීම් වේගවත් කර ඇති අතර මේ වන විට එම කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සිය ආකෘති මූලාශ්‍ර ද විවෘත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top