ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය නමින් නව ආයතනයක්.. ජාත්‍යන්තර වෙළඳපොළ ජයගන්නා නව සැලසුම මෙන්න.
Saturday, 01 August 2026 - 8:55 | Views - 106
පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු හඳුනාගත් රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධ කරමින් 2027 වසර වන විට "ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය" නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය වුණා.

ඒ අනුව පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, ජාතික සැලසුම් මධ්‍යස්ථානය (NDC) සහ ලක්සල යන ආයතන එකමුතුවෙන් මෙම නව අධිකාරිය පිහිටුවීමට නියමිත බව වාර්තා වනවා.

සම්ප්‍රදායික පේෂ කර්මාන්තය නවීන Fashion, Design සහ තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් තරඟකාරී ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කළා.

එමෙන්ම මෙම රැස්වීමේදී පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ 2021-2023 සහ 2024 විගණකාධිපති වාර්තා පදනම් කරගනිමින් එහි වර්තමාන ප්‍රගතිය, අභියෝග සහ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව පෙන්වා දුන්නා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top