එල් නිනෝ බලපෑම දැඩි වෙයි.. දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්..
Friday, 31 July 2026 - 14:09 | Views - 32
එල් නිනෝ බලපෑම දැඩි වෙයි.. දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්..

එල් නිනෝ තත්ත්වයත් සමග මොණරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක සැලකිය යුතු ජල හිඟයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, වියළි කලාපය තුළ පවතින ගංගාවල ජල මට්ටම් ඉතා අඩු අගයක් ගන්නා බවයි.

කෙසේ වෙතත්, මේ වන විටත් රට පුරා ඇති පිරිපහදු මධ්‍යස්ථාන උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම භූගත ජලය ලබාගැනීම සඳහා නළ ලිං ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නා. එමෙන්ම ඉදිරි කාලයේදී ජල කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා දැනුම් දුන්නා.

එසේ වුවද, එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවට ගොවි සංවිධාන චෝදනා කර සිටිනවා.

මේ අතර, මෙම වසර අවසානය වන විට අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව සියයට 81ක ප්‍රතිශතයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළා.

මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වය හේතුවෙන් එළඹෙන නත්තල් සමය තුළදී මත්ස්‍ය හිඟයක් ඇති විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

තවද, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් නාවික සහ ධීවර ප්‍රජාවන්ට අදාළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

අනෙක් පසින්, මෙරට කාලගුණ අනාවැකි පළ කිරීමේ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ජපන් ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා කටයුතු කළා.

සැලසුම් කළ පරිදි රේඩාර් පද්ධතිය සවි කිරීමේ කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවත්, ලබන වසරේ ජූලි මස අග වන විට සමස්ත ව්‍යාපෘතියේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිත බවත් වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top