පේරාදෙණිය සරසවියට දිවියෙකුගේ බියක්.. උපකුලපතිවරයාගෙන් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට විශේෂ දැනුම්දීමක්..
Friday, 31 July 2026 - 9:15 | Views - 34
පේරාදෙණිය විශ්වවිද්යාල පරීශ්රය තුළ සැරිසරන දිවියෙකු හේතුවෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස එම විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් සිසු සිසුවියන්ගෙන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
 
සරසවි සමාජයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී උඩ පේරාදෙණිය රක්ෂිත ප්රදේශයේ සිට පැමිණි මෙම දිවියා, විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයට අයත් සත්ව ගොවිපොළේ සිටි මී ගව පැටවෙකු මරා දැමීමට කටයුතු කර තිබූ බව වාර්තා වුණා.

එම සිදුවීමත් සමඟ විශ්වවිද්යාල පරිශ්රය තුළ ආරක්ෂිත පියවරයන් ඉහළ නැංවීමට පාලනාධිකාරිය කටයුතු කළා.

මේ පිළිබඳව කළ විමසීමකදී, සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුභසාධනය හා ආරක්ෂාව උදෙසා මෙම පූර්ව අනතුරු ඇඟවීම සිදුකළ බව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් ප්රකාශ කළා.

එමෙන්ම මෙම හදිසි තත්ත්වය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණය පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර පශු වෛද්ය පීඨයේ සත්ව ගොවිපොළ පරිශ්රය වෙනුවෙන් අමතර ආරක්ෂිත වැටක් සවිකිරීමට කටයුතු කළ බවද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top