හිරු CIA අනාවරණයෙන් පසු කරළියට ආ පෞරාණික හනුමාන් පිළිමයේ රහස.. පිළිමය ගොඩගන්න පුරාවිද්‍යාව සහ STF කැඳවයි.
රු. කෝටි 2,500ක් පමණ වටිනා බවට සැලකෙන ජා ඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවට සැක කෙරෙන පෞරාණික රන් ආලේපිත හනුමන්තා පිළිමය ගොඩගන්නා අවස්ථාවේ එම ස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොමුකරන ලෙස කොටුව මහේස්ත්‍රත් ප්‍රසන්න අමරසේන ඊයේ (30) පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් නිකුත් කළා.
එසේම එම ස්ථානය අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසද පොලිස් විශේෂ කාර්ය බලකායට මහේස්ත්‍රාත්වරයා නියෝගයක්ද නිකුත් කළා.
එම කැනීම් කටයුතු සිදු කිරිමට ලබන අගොස්තු මස 03 වනදා අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාවරයා මෙම නියෝගය සිදු කළා.
එම ස්ථානයේ එම පිළිමය වළ දමා ඇති බවට පරීක්ෂා කිරිමට අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
හිරු CIA අනාවරණයෙන් පසු මෙම පිළිමය විකිණීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් ලබන අගෝස්තු මස 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගේ නම භාවිතා කරමින් පෞද්ගලික නාලිකාවක විකාශය වූ හඬ පටයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා පොලිස්පතිතුමාට සිදුකරන ලද පැමිණිල්ල ප්‍රකාරව පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම හනුමන්තා පිළිමය එල්.ටී.ටී. යුධ සමයේ යාපන ප්‍රදේශයේ තිබී ඇති බවත් යගදාව සහිත හනුමන්තා පිළිමය ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවටත් සංසරණය වූ හඬපටය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවත් අධිකරණයට දන්වා සිටි පොලිසිය, සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් අධිකරණයට දන්වා තිබෙනවා.