ඔබේ ආරක්ෂිත හිස්වැස්මේ SLS ලාංඡනය තිබෙනවාද? අඩු මිලට බාල හෙල්මට් අරන් ජීවිතය අනතුරේ දාගන්න එපා.
Friday, 31 July 2026 - 8:46 | Views - 34
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දුන්නා.

2015.07.16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 59 දරන විධානයට අනුව මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව එම අධිකාරිය පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් ඉකුත් 27 වනදා දිවයින පුරා විශේෂ වැටලීම් සංවිධානය කර තිබුණා. එහිදී සාර්ථක වැටලීම් 98ක් සිදුකර SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් අධිකාරියේ භාරයට ගැනීමට නිලධාරීන් කටයුතු කළා.

තවද SLS බලපත්‍රය අලුත් නොකළ කාලසීමාව තුළ නිෂ්පාදනය කළ හෙල්මට් 3,520ක අලෙවිය කර්මාන්තශාලා දෙකකදී තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගත්තා.

2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ සිදුකරන ලද වැටලීම් මගින් නඩු 53ක් ගොනු කර ඇති අතර, හෙල්මට් 87ක් භාරයට ගෙන තිබෙනවා.

මෙම නඩුවලින් නඩු 39ක් අවසන් කර ඇති අතර, ඉතිරි නඩු 14 සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවත්වාගෙන යන බව එම අධිකාරිය ප්‍රකාශ කළා.

වලංගු SLS බලපත්‍රයක් නොමැතිව හෙල්මට් නිෂ්පාදනය හෝ අලෙවි නොකරන ලෙස නිෂ්පාදකයින්ගෙන්, ආනයනකරුවන්ගෙන් සහ Online වෙළෙඳුන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් අධිකාරිය ඉල්ලා සිටිනවා.

එමෙන්ම අඩු මිල ගැන පමණක් සිතා බාල තත්ත්වයේ හෙල්මට් මිලදී නොගන්නා ලෙසත්, මිලදී ගැනීමට පෙර SLS ලාංඡනය පරීක්ෂා කර නිසි බිල්පතක් ලබාගන්නා ලෙසත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියා.

ප්‍රමිතියෙන් තොර හෙල්මට් පිළිබඳ තොරතුරු 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දිය හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top