ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්.. ජාත්‍යන්තර Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට...
ජාත්‍යන්තරව ප්‍රචලිත ක්ෂණික ආහාර සේවා සන්නාමයක් වන Wendy’s අවන්හල ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සූදානම් වන බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් නිවේදනය කර තිබෙනවා.
මෙම විශේෂ පියවර හරහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම සිය පාරිභෝගික ආහාර නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
මෙම නව ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ පළමු Wendy’s අවන්හල 2026 වසරේ දෙසැම්බර් මාසය වන විට විවෘත කිරීමට නියමිතව ඇති බව එම සමාගම පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ක්ෂණික ආහාර වෙළඳපොළ තුළ සිය ස්ථාවරය ශක්තිමත් කරගැනීම මෙමඟින් බලාපොරොත්තු වන බව තොරතුරු සඳහන් කළා.
එමෙන්ම මෙරට පාරිභෝගිකයින්ට නව සහ උසස් තත්ත්වයේ ආහාර අත්දැකීමක් ලබා දීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වන බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළා.