ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්.. ජාත්‍යන්තර Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට...
Wednesday, 29 July 2026 - 11:56 | Views - 36
ජාත්‍යන්තරව ප්‍රචලිත ක්ෂණික ආහාර සේවා සන්නාමයක් වන Wendy’s අවන්හල ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සූදානම් වන බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් නිවේදනය කර තිබෙනවා.

මෙම විශේෂ පියවර හරහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම සිය පාරිභෝගික ආහාර නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

මෙම නව ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ පළමු Wendy’s අවන්හල 2026 වසරේ දෙසැම්බර් මාසය වන විට විවෘත කිරීමට නියමිතව ඇති බව එම සමාගම පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ක්ෂණික ආහාර වෙළඳපොළ තුළ සිය ස්ථාවරය ශක්තිමත් කරගැනීම මෙමඟින් බලාපොරොත්තු වන බව තොරතුරු සඳහන් කළා.

එමෙන්ම මෙරට පාරිභෝගිකයින්ට නව සහ උසස් තත්ත්වයේ ආහාර අත්දැකීමක් ලබා දීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වන බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top