ජපානයේ කියුෂු දූපතට බලපෑ ප්‍රබල භූකම්පනය.. මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළට..
Wednesday, 29 July 2026 - 10:29 | Views - 27
ජපානයේ කියුෂු කලාපයට අයත් කුමමොටෝ ප්‍රාන්තයට රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙම දරුණු භූකම්පනයත් සමඟ මීටර් 1 ක පමණ උසකින් යුත් සුනාමි රළ ඇති විය හැකි බවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ජපානයේ දකුණු දිග කියුෂු දූපතට අයත් කුමමොටෝ, නාගසාකි, කගොෂිමා, ෆුකුඔකා, සාගා, ඔයිටා සහ මියාසාකි යන ප්‍රාන්ත වෙත ජපාන රජය විසින් හදිසි භූමිකම්පා අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.

ඊයේ හටගත් මෙම ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 13 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නා.

මේ වනවිට අතුරුදන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10 කට අධික බවත්, නිවාස සහ සාප්පු සංකීර්ණ ඇතුළු ගොඩනැගිලිවල සිරවී සිටින පිරිස් බේරාගැනීමේ විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවත් විදෙස් වාර්තා දැනුම් දුන්නා.

ජපානයේ තෙවන විශාලතම දූපත ලෙස සැලකෙන කියුෂු දූපතට බලපෑ මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top