පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි.. ශාසනික ඉතිහාසයේ සිදුවූ විශේෂ සිදුවීම් පෙළගැස්ම මෙන්න.
Wednesday, 29 July 2026 - 9:57 | Views - 119
ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ගෞරවයට පාත්‍ර වූ පින්බර ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ශාසනික ඉතිහාසයේ අතිශය තීරණාත්මක මෙන්ම ශ්‍රේෂ්ඨ සිදුවීම් රැසකට මඟපාදමින්, අප්‍රමාණ බෞද්ධ ජනයාගේ හදවත් ශ්‍රද්ධාවෙන් පුරවාලීමට සමත් වූ පූජනීය දිනයක් ලෙස අද දිනය ඉතිහාසයට එක්වෙනවා.

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව, උතුම් මිනිස් ලොව උපත ලැබීම උදෙසා මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්තේද මෙවැනිම අභිමානවත් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයකයි.

එමෙන්ම සිදුහත් කුමරුවන් ගිහිගෙය කලකිරී සියලු සැප සම්පත් අතහැර මහාභිනිෂ්ක්‍රමණය කිරීමත්, රාහුල කුමරුගේ උපත සිදුවීමත් යන අතිශය සංවේදී සිදුවීම් ඇසළ පෝදා සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.

එපමණක් නොව, උතුම් බුද්ධත්වයට පත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා 'ධම්මචක්කපවත්තන සූත්‍රය' දේශනා කොට වදාළේද මෙම උතුම් ඇසළ පොහොය දිනයකයි.

මෙවැනි අතිපූජනීය සහ උතුම් කාරණා රැසක් මූලික කරගනිමින්, ඇසළ පොහොය දිනය බෞද්ධ ජනතාවට මහත් ආගමික සහ ශාසනික වටිනාකමකින් යුතු පූජනීය දිනයක් බවට පත්ව තිබෙන බව වාර්තා වනවා.

Buddha1
Buddha1
Buddha1
Buddha1
Buddha1
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top