මතකයන් පමණක් ඉතිරි කර බිල් ඔඩී නිහඬ වෙයි.. 85 වසරක අමරණීය ජීවන ගමන මෙන්න..
ප්‍රකට 'Springwatch' සහ 'Autumnwatch' ඇතුළු වනජීවී වැඩසටහන් ගණනාවක් මෙහෙයවූ, බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය හාස්‍ය නළුවෙක් මෙන්ම පරිසරවේදියෙකු වූ බිල් ඔඩී (Bill Oddie) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 85 වැනි වියෙහි පසුවූ බවයි වාර්තා වුණා. ඒ පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නා.
1970 දශකයේ 'The Goodies' හාස්‍ය නාට්‍ය කණ්ඩායම හරහා ලෝකප්‍රකට වූ ඔහු, පසුව වනජීවී සහ පක්ෂි නිරීක්ෂණය පිළිබඳ ප්‍රවීණයෙකු ලෙස කටයුතු කරමින් බ්‍රිතාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර අතිශය ආදරයට පාත්‍ර වූ බවද විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.