මීගමුව බන්ධනාගාර සිද්ධියේ අලුත්ම තීරණය.. පාතාල ප්රබලයින් 04 දෙනෙකු සැකකරුවන් වෙයි..
මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්රාත් සිලනී පෙරේරා හමුවේ අද දැනුම් දුන්නා.
මෙලෙස සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ සුපුන් මධුසංඛ හෙවත් ‘හීනටියන සුපුන්’, ෂේන් ඩිලාන් සිල්වා, අෂාන් ප්රනාන්දු හෙවත් ‘කලු මල්ලි’ සහ සමිර සම්පත් හෙවත් ‘බබා’ යන රැඳවියන් බවයි වාර්තා වන්නේ නැහැ.
ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නා.
එමෙන්ම මෙම සැකකරුවන් සිව්දෙනා අද දිනයේදීම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මීගමුව මහේස්ත්රාත්වරිය බන්ධනාගාර අධිකාරියට තදින්ම නියෝග කර තිබෙනවා.