ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට.. නවතම මිල ගණන් මෙන්න...
Monday, 27 July 2026 - 15:10 | Views - 26
අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමත් සමඟ ලෝක වෙළඳපොළේ රන් මිල නැවතත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් මිල 1% කට වඩා වැඩි අගයකින් අද (27) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.

මෙහිදී ලෝක වෙළඳපොළේ රන් (Spot gold) අවුන්සයක මිල 1.3% කින් ඉහළ ගොස් ඩොලර් 4,103.59 ක් ලෙස සටහන්ව තිබෙනවා.

මේ අතර, අමෙරිකාවේ රන් මිල ගණන් (Futures) 0.9% කින් ඉහළ ගොස් ඩොලර් 4,106.00 ක් දක්වා අගයක පවතිනවා.

බොරතෙල් මිල පහත වැටීම සහ අමෙරිකානු ඩොලරයේ අගය 0.3% කින් පහත වැටීම හේතුවෙන් රත්රන් සඳහා ඇති ඉල්ලුම ඉහළ ගිය බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසනවා.

මෙයට අමතරව හෙට (28) සහ අනිද්දා (29) පැවැත්වීමට නියමිත අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ (Fed) හමුවේදී පොලී අනුපාත වෙනස් නොවී පවතිනු ඇතැයි ආයෝජකයෝ අපේක්ෂා කරනවා.

මෙම තත්ත්වය හමුවේ රත්රන් පමණක් නොව අනෙකුත් ලෝහවලද මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව සඳහන් වුණා.

ඒ අනුව රිදී මිල 2.7% කින් (අවුන්සයක ඩොලර් 59.74), ප්ලැටිනම් මිල 3.5% කින් (ඩොලර් 1,643.70) සහ පැලේඩියම් මිල 3.4% කින් (ඩොලර් 1,285.00) ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top