හොරණ මූලස්ථාන පොලිසියෙන් හදිසි වැටලීමක්.. ප්‍රධාන පෙළේ ටියුෂන් පන්ති හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය එක්ක කොටු වෙයි..
Monday, 27 July 2026 - 13:11 | Views - 170
හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ස්ථානයක හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක් සමගින් හොරණ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නර්තනගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක්, ඊට අදාළ සිම්පතක් සහ මත්ද්‍රව්‍ය කිරා බැලීමට භාවිත කරන ඉලෙක්ට්‍රොනික තරාදියක් ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකරු හොරණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර, දෛනිකව සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබන ප්‍රධාන පෙළේ උපකාරක පන්තියක හිමිකරු බවද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පෙන්වා දුන්නා.

හොරණ පොලිසියට අනුයුක්ත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. නිලධාරීන් සැකකරුගේ නර්තනගල පිහිටි නිවසට ගිය අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සාහ දරා ඇති අතර, සිදු කළ පරීක්ෂාවේදී ඔහු ඇඳ සිටි කලිසමේ දකුණු සාක්කුවේ විනිවිද පෙනෙන පොලිතින් කවරයක බහා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව වාර්තා වුණා.

සැකකරුට මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා කිහිපයක් එල්ල වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගියේද, ඔහු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න සහ උපකාරක පන්තිවලට පැමිණෙන දරුවන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළාද යන්න පිළිබඳවද සොයා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top