බණ්ඩාරගම නිවසකින් හමු වූ ඩෙංගු තවාන.. බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීන් ප්‍රදේශවාසීන්ට කළ දැනුම්දීම...
Monday, 27 July 2026 - 12:58 | Views - 128
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

එම කාර්යාලීය වාර්තාවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 675 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

පවතින මෙම අවදානම් තත්ත්වය හමුවේ, ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කළ බව නිලධාරීන් සඳහන් කළා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

මෙම පරික්ෂාව අතරතුරදී, එක්තරා නිවසක තිබූ දැඩි අපරීක්ෂාකාරී පිළිවෙතක් අනාවරණය වූ බව වාර්තා වනවා. එම නිවසේ ශීතකරණයේ තැටිය සහ ගෙවත්ත ද ඇතුළුව ස්ථාන හයක ඩෙංගු කීටයන් බෝ විය හැකි අයුරින් ජලය රැඳී තිබියදී නිලධාරීන් විසින් සොයාගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නා.

ඒ අනුව, ඩෙංගු කීටයන් බෝවීමට ඉඩහැරීමේ වරද මත එම නිවසේ හිමිකාරියට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව, ඩෙංගු මර්දන උපදෙස් පිළි නොපැද්ද තවත් නිවාස කිහිපයකට රතු නිවේදන නිකුත් කිරීමට සහ දැඩි ලෙස අවවාද කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත් බව වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top