වැඩි මිලට වතුර බෝතල් විකුණූ ඇල්ලේ සංචාරක ආයතනයට වැඩ වරදී.. පාරිභෝගික අධිකාරියෙන් මිලියනයක දඩයක්...
Monday, 27 July 2026 - 12:01 | Views - 39
නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක ආයතනයකට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත් බව වාර්තා වනවා.

පසුගිය 10 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අදාළ ආයතනය මගින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම පිළිබඳ අනාවරණය වූ බව එම අධිකාරිය පෙන්වා දුන්නා.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති හා විධිවිධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් එම ආයතනයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.

පසුගිය 22 වැනි දින මෙම නඩුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම අදාළ චෝදනාවට වරද පිළිගත් බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව අධිකරණය විසින් එම සමාගමට එරෙහිව රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට නියෝග කළ බව වැඩිදුරටත් දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top