ඔබේ නිවසත් ආරක්ෂිතද? වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීම් 257 ක්..
Monday, 27 July 2026 - 11:26 | Views - 115
වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පමණක් ගිනි ගැනීමේ සිද්ධීන් 257 ක් වාර්තා වී ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද (26) දිනයේදීත් කොළඹ ප්‍රදේශ දෙකක ගිනි ගැනීමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව රාජගිරිය, ඔබේසේකරපුර මාවතේ නිවසක ගින්නක් හටගෙන ඇති අතර, එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීම් රථ දෙකක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම හෝමාගම, ජය මාවතේ නිවසක ද අද දහවල් ගින්නක් හටගෙන තිබෙන බව පෙන්වා දුන්නා. කෙසේ වෙතත් මෙම සිද්ධීන්ගෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, ගිනි ගැනීම්වලට ප්‍රධාන හේතුව විදුලි කාන්දු වීම් බව වාර්තා වනවා.

ගිනි ගැනීම් සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූයේ, හෝමාගම කර්මාන්තපුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එහි සේවකයින් පස්දෙනෙකු මිය යාමේ සිදුවීමත් සමඟයි.

පසුගිය වසරේ දී කොළඹින් පමණක් ගිනි ගැනීමේ සිදුවීම් 382 ක් වාර්තා වී තිබුණ ද, මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගිනි ගැනීමේ සිදුවීම් 257ක් වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

සේවා ස්ථානවල ගිනි ආරක්ෂිත ක්‍රියාමාර්ග නොතිබීම, නිවෙස් සහ සේවා ස්ථානවල අනාරක්ෂිත විදුලි පරිහරණය මෙන්ම රසායනික ද්‍රව්‍ය අවිධිමත් ලෙස ගබඩා කර තැබීම මෙම ගිනි ගැනීම් සඳහා ප්‍රධානම හේතු වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව 110 යන ක්ෂණික දුරකථන අංකය මගින් ගින්නක් සිදුවන ඕනෑම අවස්ථාවකදී ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකි බව එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top