මේ වර්ෂයේදී ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා.. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්...
Monday, 27 July 2026 - 11:05 | Views - 51
මේ වර්ෂය තුළදී ශ්‍රී ලාංකිකයින් 250,000 දෙනෙකුට විදේශ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රජය මඟින් සහ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන හරහා මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට කටයුතු කර තිබෙන බවයි එම කාර්යාංශය දැනුම් දුන්නා.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ලාංකිකයින් රැකියා සඳහා විදේශගත වීමේ යම් අඩුවක් පෙන්නුම් කළද, ආරක්ෂාකාරී ගමනාන්ත වෙත ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දුන්නා.

ඒ අනුව, වසරේ ගත වූ කාලය තුළ ලාංකිකයින් 143,087 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් 92,590 ක් සහ කාන්තා ශ්‍රමිකයින් 50,497 දෙනෙකු ඇතුළත් වන බව වාර්තා වනවා.

මේ දිනවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතර වඩාත් ප්‍රචලිත ගමනාන්තයක් වන ඊශ්‍රායල් රාජ්‍ය සඳහා ශ්‍රමිකයින් 14,000 දෙනෙකු යොමු කිරීමට කාර්යාංශය සැලසුම් කර ඇති අතර, මේ වන විට ඉන් ශ්‍රමිකයින් 7,873 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව කාර්යාංශය ප්‍රකාශ කළා.

එසේම, දකුණු කොරියාව සඳහා ශ්‍රමිකයින් 8,000 දෙනෙකු යොමු කිරීමට අපේක්ෂා කරන අතර, ඉන් 4,794 දෙනෙකු මේ වන විටත් පිටත්ව ගොස් ඇති බව පෙන්වා දුන්නා.

තවද, නිපුණතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් 73,623 දෙනෙකු මෙම වසරේ ගත වූ කාලය තුළදී විදේශගත වී ඇති අතර, නුපුහුණු කාණ්ඩයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 69,494 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව කාර්යාංශ දත්ත වාර්තා පෙන්වා දුන්නා.

මේ අතර, මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 6 ක කාලය තුළදී විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබෙන බව ද එම කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top