ජාතික සුපිලිපන් සතිය ඇරඹෙයි.. අද සිට ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන මෙන්න...
Monday, 27 July 2026 - 9:59 | Views - 127
"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය අද (27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.
 
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායකගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන බව වාර්තා වනවා.

ඒ අනුව "ජාතික සුපිලිපන් සතිය" අද පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල 'ජාතික සුපිලිපන් දිවුරුම' ලබා දීම සහ 'ආචාර ධර්ම සංග්‍රහය' ප්‍රකාශයට පත් කිරීමෙන් ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළා.

මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීම බව නිවේදනය කර තිබෙනවා.

මෙහිදී 'සුපිලිපන්භාවය' (Integrity) යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම ස්වයං විනයකින්, ස්වයං පාලනයකින් සහ ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකඟව නිවැරදි, විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මකව තම සේවය ඉටු කිරීම බව පෙන්වා දුන්නා.

ඒ අනුව ජූලි 27 වනදා ආයතනික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීමත්, ජූලි 28 වනදා මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීමත් සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම ජූලි 29 වනදා ආධ්‍යාත්මික, ආචාරධර්මීය, සංස්කෘතික සහ සමාජීයීය සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීමටත්, ජූලි 30 වනදා මෙහෙයුම්, යටිතල පහසුකම්, සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.

ඊට අමතරව ජූලි 31 වනදා පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබලගැන්වීමේ සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ සෑම රාජ්‍ය ආයතයකම ස්ථාපිත "අභ්‍යන්තර කටයුතු ඒකක" මගින් මහජනතාවට සිදුවන අපහසුතා හෝ දූෂණ ක්‍රියා පිළිබඳ පැමිණිලි භාරගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන් රාජ්‍ය අංශයේ අදාළ අංශ මගින් දැනුම් දුන්නා.

මහජනතාවට QR කේත, විද්‍යුත් තැපෑල (Email), ලිපි, දුරකථන ඇමතුම් හෝ වෙබ් පණිවිඩ ඔස්සේ තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එම පැමිණිලි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ ඩිජිටල් පද්ධතියක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

ජූලි 31 වැනිදායින් පසු, දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම වැඩසටහන සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top