මගී බස් රථ සඳහා අලුත්ම නීතියක්.. කිලෝමීටර් 5000කට වරක් කරන්න යන දේ මෙන්න...
සියලුම මගී ප්‍රවාහන බස් රථ කිලෝමීටර් 5,000ක් ධාවනය කිරීමෙන් පසු එහි තත්ත්ව පරික්ෂාව අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළා.
පසුගිය කාල සීමාවේ රට තුළ සිදුවූ අනතුරුවලට හේතුවක් ලෙස රියදුරන්ගේ නොසැලකිලිමත්කම මෙන්ම වාහනවල ඇති දෝෂ ද බලපා තිබූ බව වාර්තා වනවා.
එවන් පසුබිමක වාහනවල දෝෂ නිවැරදි කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පෙන්වා දුන්නා.
මේ අතර රජය මගින් නව බස් රථ ආනයනය කිරීම තුළ පෞද්ගලික බස් කර්මාන්තය බිඳ වැට්ටවීමේ සැලැස්මක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න චෝදනා කරමින් ප්‍රකාශ කළා.