සම්බුද්ධ ශාසනයේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක පියවරක්.. මහ සඟ සමුළුව අද කොළඹදී..
Monday, 27 July 2026 - 8:54 | Views - 48
ශාසනාරක්ෂක සංඝ සභාව විසින් අද (27) මහා සංඝ සමුළුවක් කැදවා තිබෙනවා. කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද පස්වරු 2.30ට මෙම ඓතිහාසික සංඝ සමුළුව ආරම්භ කිරීමට නියමිතයි.

වත්මන් ශාසනික සහ සමාජයීය තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින්, ශාසනයේ අනාගත උන්නතිය වෙනුවෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් සංඝ සභාව මෙම සමුළුව කැඳවා තිබෙනවා.

ශාසනාරක්ෂක සංඝ සභාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු පූජනීය භික්ෂූන් වහන්සේලා රැසකගේ ප්‍රධානත්වයෙන් සහ සංවිධානයෙන් මෙම මහා හමුව සංවිධානය කර තිබෙනවා.

මෙම සුවිශේෂී මහා සංඝ සමුළුව සඳහා උතුර, නැගෙනහිර, දකුණ ඇතුළු දිවයිනේ සියලුම පළාත් සහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නිකායත්‍රයේම මහා සංඝරත්නය විශාල වශයෙන් වැඩම කිරීමට නියමිතයි. ශාසනාරක්ෂක බලමණ්ඩලවල නිලධාරී හිමිවරුන්, විහාරාධිපති හිමිවරුන් මෙන්ම පිරිවෙන් ආචාර්යයන් වහන්සේලා ද ඇතුළුව දහස් සංඛ්‍යාත මහ සංඝරත්නයකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම අද පස්වරුවේ පැවැත්වෙන මෙම මහා සංඝ සමුළුවේදී ශාසනික අයිතිවාසිකම් රැකගැනීම, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගත යුතු ඉදිරි පියවර මෙන්ම වත්මන් ශාසනික අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙවැනි තීරණාත්මක කාලවකවානුවක දිවයින පුරා වැඩවෙසෙන මහ සඟරුවන මෙලෙස එකම අරමුණක් වෙනුවෙන් කොළඹට රැස්වීම ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියක් වෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top