බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවක් වටලයි.. කිසිදු බලපත්‍රයක් නැතුව සඟවා තිබූ දේ මෙන්න..
Sunday, 26 July 2026 - 21:45 | Views - 40
බම්බලපිටිය, දුම්රියපොළ පාරේ පිහිටි ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක් වටලා නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තබා තිබූ මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

ඊයේ (25) රාත්‍රී කාලයේදී ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා.

මෙම හදිසි වැටලීමේදී කිසිදු විධිමත් බලපත්‍රයක් නොමැතිව ගබඩා කර තිබූ දේශීය මෙන්ම විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් 45 කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලිසියට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළා.

නීති විරෝධී ලෙස සඟවාගෙන අලෙවි කිරීමේ අරමුණින් තබාගෙන සිටි මෙම මත්පැන් තොගය සම්බන්ධයෙන් සහ සිද්ධියට වගකිවයුතු පුද්ගලයන් සොයා බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top