ජාත්‍යන්තරය දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරකුමාර අද පස්වරුවේ දිවයිනට.. කටුනායකදී ලැබුණු උණුසුම් පිළිගැනීම...
Sunday, 26 July 2026 - 19:29 | Views - 123
ලෝකයම නියෝජනය කළ දැවැන්ත සිනමා සම්මාන උළෙලකදී ශ්‍රී ලංකාවේ නම රන් අකුරින් සටහන් කළ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරකුමාර අද (26) පස්වරුවේ මහත් අභිමානයෙන් යුතුව දිවයිනට පැමිණියා.

මැලේසියාවේදී පැවැත්වුණු 09 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල - 2026 (9th Golden Globe Award - 2026) ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී, “රිවස්ටන්” චිත්‍රපටයේ දක්වන ලද විශිෂ්ට රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා මහතා හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා.

එමෙන්ම එම චිත්‍රපටයේම දැක්වූ දක්ෂ රංගනය වෙනුවෙන් ප්‍රියන්ත සිරකුමාර මහතා හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්.

අද පස්වරු 4.01ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 315 දරන ගුවන් යානයෙන් ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තරය දිනාගෙන පෙරළා පැමිණි මෙම සුපිරි රංගන ශිල්පීන් දෙදෙනා පිළිගැනීම සඳහා “රිවස්ටන්” චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු මෙරට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

ලොව පුරා විවිධ සිනමා සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වූ විශිෂ්ටතම සිනමා නිර්මාණ පමණක් තරග වැදුණු මෙම ජාත්‍යන්තර සිනමා උළෙලේදී, අපේ රටේ රංගන ශිල්පීන් දෙදෙනෙකු මෙලෙස ඉහළම සම්මාන දිනාගැනීම මුළු රටටම සැබවින්ම විශාල ගෞරවයක් බව බොහෝ දෙනා ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top