බේරුවලින් වාර්තා වූ දුර්ලභ සිදුවීම.. මුහුදේදී මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුර වෙරළට ගොඩගසයි...
Sunday, 26 July 2026 - 19:27 | Views - 121
බේරුවල, මරදාන ප්‍රදේශයේ මුහුදු තීරයට අද (26) පස්වරුවේ මීටර් 35ක පමණ අතිවිශාල දිගකින් යුත් මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති බව වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
 
වෙරළ තීරයට මෙලෙස දැවැන්ත තල්මස් සිරුරක් ගොඩගසා තිබෙනු දුටු ප්‍රදේශවාසීන් සහ ධීවරයන් වහාම ක්‍රියාත්මක වී ඒ පිළිබඳව ප්‍රදේශයේ ධීවර පරීක්ෂක කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව ධීවර පරීක්ෂක කාර්යාලය හරහා අදාළ ප්‍රදේශය භාර වනජීවී නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අංශ දැනුවත් කර ඇති බව සඳහන් කළා.

සිද්ධිය සැලවීමත් සමඟ අතිවිශාල තල්මස් සිරුර නැරඹීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් වෙරළ තීරයට රැස්වෙමින් පවතින බවද වාර්තා වනවා.

මියගිය තල්මසාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වනජීවී නිලධාරීන් ප්‍රදේශයට පැමිණ මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමටත්, සිරුර සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමටත් නියමිත බවයි වැඩිදුරටත් දැනුම් දුන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top