බේරුවලින් වාර්තා වූ දුර්ලභ සිදුවීම.. මුහුදේදී මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුර වෙරළට ගොඩගසයි...
බේරුවල, මරදාන ප්රදේශයේ මුහුදු තීරයට අද (26) පස්වරුවේ මීටර් 35ක පමණ අතිවිශාල දිගකින් යුත් මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති බව වාර්තාකරුවන් ප්රකාශ කළා.
වෙරළ තීරයට මෙලෙස දැවැන්ත තල්මස් සිරුරක් ගොඩගසා තිබෙනු දුටු ප්රදේශවාසීන් සහ ධීවරයන් වහාම ක්රියාත්මක වී ඒ පිළිබඳව ප්රදේශයේ ධීවර පරීක්ෂක කාර්යාලය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව ධීවර පරීක්ෂක කාර්යාලය හරහා අදාළ ප්රදේශය භාර වනජීවී නිලධාරීන් සහ ප්රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අංශ දැනුවත් කර ඇති බව සඳහන් කළා.
සිද්ධිය සැලවීමත් සමඟ අතිවිශාල තල්මස් සිරුර නැරඹීම සඳහා ප්රදේශවාසීන් විශාල පිරිසක් වෙරළ තීරයට රැස්වෙමින් පවතින බවද වාර්තා වනවා.
මියගිය තල්මසාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වනජීවී නිලධාරීන් ප්රදේශයට පැමිණ මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමටත්, සිරුර සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමටත් නියමිත බවයි වැඩිදුරටත් දැනුම් දුන්නේ.