ලෝක බෞද්ධයන්ට මහත් අභිමානයක්... පූජනීය සාරානාත් භූමිය යූනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට...
Sunday, 26 July 2026 - 16:51 | Views - 114
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පූජනීය සාරානාත් (Sarnath) ඓතිහාසික බෞද්ධ භූමිය, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

දකුණු කොරියාවේ බුසාන් (Busan) නුවර පැවැත්වෙන යූනෙස්කෝ ලෝක උරුම කමිටුවේ 48 වැනි සැසිවාරයේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කළ අතර, මේ සමඟින් ඉන්දියාවේ පිහිටි යූනෙස්කෝ ලෝක උරුම ස්ථාන සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගිය බව සඳහන් කළා.

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම ධර්ම දේශනාව වන 'ධම්මචක්කප්පවත්තන සූත්‍රය' පස්වග තවුසන් උදෙසා දේශනා කරමින් බුද්ධ ශාසනයේ සහ සංඝ රත්නයේ ආරම්භය සනිටුහන් කළේ මෙම පූජනීය ඉසිපතන මිගදායේදී (සාරානාත්).

එසේම ලොව පැරණිතම මානව ජනාවාසයක් වන වාරාණසි (Varanasi) නගරය ආසන්නයේ පිහිටි මෙම භූමිය තුළ ධාමේක් ස්තූපය (Dhamek Stupa), චෞඛන්දි ස්තූපය (Chaukhandi Stupa) සහ ධර්මරාජික ස්තූපය ඇතුළු සියවස් ගණනාවක් පැරණි ආරාම, විහාර සහ ස්තූප සංකීර්ණ රැසක නටඹුන් සුරක්ෂිතව පවතිනවා.

බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව හා සබැඳි ප්‍රධානතම බෞද්ධ වන්දනා ස්ථාන හතරෙන් එකක් ලෙස සාරානාත් භූමිය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේම උත්තම පූජනීයත්වයට පාත්‍ර වන බව පෙන්වා දුන්නා.

දකුණු ආසියාව සඳහා වන යූනෙස්කෝ කලාපීය නියෝජිත සහ අධ්‍යක්ෂ ටිම් කර්ටිස් (Tim Curtis) ප්‍රකාශ කළේ, වසර 2,500කට අධික කාලයක් පුරා ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වූ සාරානාත් භූමිය මඟින් කරුණාව, ප්‍රඥාව සහ සාමය පිළිබඳ විශ්වීය පණිවුඩයක් ගෙනදුන් බවයි.

එමෙන්ම මෙම අසමසම මානව උරුමය අනාගත පරම්පරාව උදෙසා සුරක්ෂිත කිරීම සමස්ත ලෝකයේම වගකීමක් බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top