දඹුල්ල - මාතලේ පාරේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම.. ටිපර් රථ අනතුරෙන් සිව්දරු මවකගේ ජීවිතය අහිමි වෙයි...
Sunday, 26 July 2026 - 16:50 | Views - 40
දඹුල්ල - මාතලේ ප්රධාන මාර්ගයේ කපුවත්ත ප්රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පසෙක සිටි මවකගේ හා දරුවන් දෙදෙනෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම මව ජීවිතක්ෂයට පත්ව ඇති බව දඹුල්ල පොලීසිය ප්රකාශ කළා.
 
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවන් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය පෙන්වා දුන්නා.

ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල කපුවත්ත ප්රදේශයේ පදිංචි ඩී. එම්. දිලානී අරෝෂා නමැති 46 හැවිරිදි සිව් දරු මවක් බව සඳහන් කළා.

තුවාල ලැබූ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා දඹුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කොට ප්රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග දැනුම් දුන්නේ.

අනෙක් දරුවා එම රෝහලේ සාමාන්ය වාට්ටුවක ප්රතිකාර ලබන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අනතුරෙන් අවාසනාවන්ත ලෙස මියගිය මව කුවෙට්හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිට පසුගිය (08) වැනිදා මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර නිසා බරපතළ තත්ත්වයේ පසුවන වැඩිමහල් දරුවාට පැවති අපලයක් වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීමට කතරගම යෑම සඳහා පිරිස සූදානම්ව සිට තිබෙනවා.

ඒ අතරතුර වෙළෙඳසැලට යාමට පාරේ රැඳී සිටින අවස්ථාවේදී මාතලේ දෙසින් දඹුල්ල දෙසට වේගයෙන් ධාවනය කළ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම තිදෙනා යට කරගෙන ගොස් ඇති බව පොලීසිය ප්රකාශ කළා.

මේ වන විට ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top