කලවාන වැද්දාගල ගඟේදී සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය.. මිතුරා සමග දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකුට සිදු වූ අනතුර...
කලවාන වැද්දාගල ප්‍රදේශයේ වැද්දාගල ගඟෙහි ඊයේ (25) සවස දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව කලවාන පොලිසිය ප්‍රකාශ කළා.
මෙලෙස මියගොස් ඇත්තේ රාමචන්ද්‍රන් පුෂ්පකුමාර ගයාන් සදරුවන් නමැති, එම ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවෙකු බව සඳහන් කළා.
මියගිය සිසුවා තවත් මිතුරෙකු සමඟ වැද්දාගල ගඟේ දිය නෑමට ගොස් ඇති අතර, එම අවස්ථාවේ ගඟෙහි ගැඹුරු ස්ථානයක දිය නාමින් සිටියදී ගිලී මියගොස් ඇති බවයි පොලිසිය පෙන්වා දුන්නේ.
පසුව ඔහුගේ මිතුරා ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ද දැනුවත් කර සිසුවා ගොඩගෙන කලවාන මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එහෙත් ඔහුව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු දැනුම් දුන්නා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය අද (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වැඩිදුරටත් වාර්තා වනවා.