කලවාන වැද්දාගල ගඟේදී සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය.. මිතුරා සමග දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකුට සිදු වූ අනතුර...
Sunday, 26 July 2026 - 16:03 | Views - 35
කලවාන වැද්දාගල ප්‍රදේශයේ වැද්දාගල ගඟෙහි ඊයේ (25) සවස දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව කලවාන පොලිසිය ප්‍රකාශ කළා.

මෙලෙස මියගොස් ඇත්තේ රාමචන්ද්‍රන් පුෂ්පකුමාර ගයාන් සදරුවන් නමැති, එම ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවෙකු බව සඳහන් කළා.

මියගිය සිසුවා තවත් මිතුරෙකු සමඟ වැද්දාගල ගඟේ දිය නෑමට ගොස් ඇති අතර, එම අවස්ථාවේ ගඟෙහි ගැඹුරු ස්ථානයක දිය නාමින් සිටියදී ගිලී මියගොස් ඇති බවයි පොලිසිය පෙන්වා දුන්නේ.

පසුව ඔහුගේ මිතුරා ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ද දැනුවත් කර සිසුවා ගොඩගෙන කලවාන මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එහෙත් ඔහුව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය අද (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වැඩිදුරටත් වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top