දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම තවදුරටත්.. අයදුම් කළ යුතු නවතම ක්‍රමවේදය මෙන්න..
Sunday, 26 July 2026 - 14:57 | Views - 82
ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් වෙනුවෙන් වන වීසා ගාස්තු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර, සුදුසුකම් ලබන වන්දනා කණ්ඩායම් සඳහා නොමිලේ (Gratis) වීසා බලපත්‍ර ලබාගැනීමේ පහසුකම තවදුරටත් සක්‍රීයව පවතින බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය e-visa පහසුකම ද භාවිත කළ හැකි අතර, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන නගරවල පිහිටි ඉන්දීය කොන්සල් අයදුම්පත් මධ්‍යස්ථාන (ICAC) හරහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව පුද්ගලයින් 10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් ලෙස බෞද්ධ පූජනීය ස්ථාන ඇතුළු වන්දනා චාරිකා සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයින්ට මෙම නොමිලේ වීසා පහසුකම හිමි වන බව දැනුම් දුන්නා.

වීසා සේවා සැපයුම් ආයතනය වෙනස්වීම හේතුවෙන් මෙම පහසුකම තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, නව සේවා සැපයුම්කරු රාජකාරි ආරම්භ කිරීමත් සමඟ එම නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කර තිබෙන බව පෙන්වා දුන්නා.

නව ඉන්දීය රෙගුලාසිවලට අනුව, වන්දනාකරුවන් කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව ICAC මධ්‍යස්ථාන වෙත පැමිණ ජෛවමිතික තොරතුරු (Biometrics) ලබා දීම අනිවාර්ය වන අතර, එම ජෛවමිතික තොරතුරු ලබා දීම වයස අවුරුදු 12 ත් 70 ත් අතර අයදුම්කරුවන්ට පමණක් අදාළ වන බව සඳහන් කළා.

එසේම, ජෛවමිතික තොරතුරු ලබාදීමට පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පෝලිම්වල රැඳී සිටින කාලය අවම කිරීම වෙනුවෙන් විශේෂ ඉක්මන් සේවාවක්ද හඳුන්වා දී තිබෙනවා.

මෙම අනුමත ක්‍රමවේදය යටතේ අයදුම් කරන වන්දනාකරුවන්ගෙන් කිසිදු වීසා ගාස්තුවක් අය නොකෙරෙන අතර, අයදුම්පත් භාරගැනීම සහ සේවා සැපයීම වෙනුවෙන් අදාළ ICAC මධ්‍යස්ථානය වෙත රුපියල් 1,855 ක සේවා ගාස්තුවක් පමණක් ගෙවිය යුතු බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top