කලපළුවාවේදී සිදු වූ අවාසනාවන්ත සිදුවීම.. රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවකුගේ ජීවිතය අහිමි වෙයි..
Sunday, 26 July 2026 - 14:35 | Views - 102
වැලිකඩ, කලපළුවාව ප්‍රදේශයේ දී ඊයේ (25) අලුයම සිදු වූ රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 04ක පිරිමි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළා.

අඹගහ හන්දිය සහ රාජගිරිය අතර පාරේ කලපළුවාව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.

රාජගිරිය දෙසට ධාවනය කළ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී තිබෙන අතර එහි ගමන් ගත් පිරිමි දරුවා විසි වී ගොස් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇති බව වාර්තා වුණා.

එහිදී බරපතළ තුවාල ලැබූ දරුවා IDH රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී මියගොස් තිබෙන බව පොලීසිය දැනුම් දුන්නා.

සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top