පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.. බොක්සිං වටයෙන් රවිඳු ජයනාත් ඉදිරියට...
Sunday, 26 July 2026 - 9:43 | Views - 32
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඊයේ (25) රාත්‍රියේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රී ලංකාවට හිමි වූයේ විශිෂ්ට ජයග්‍රහණයක්.
එහිදී කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් (Lightweight) බර පන්තිය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාවේ රවිඳු ජයනාත්, සොලමන් දූපත්හි මකානා මැක්ස් ක්‍රීඩකයා පරාජය කිරීමට සමත් වුණා.
තරගය පුරාම ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කළ රවිඳු ජයනාත්, වට 5 - 0ක පූර්ණ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කටයුතු කළ බව සඳහන් කළා.
මේ අතර, ක්‍රීඩා උළෙලේ පැවති කලාත්මක ජිම්නාස්ටික් (Artistic Gymnastics) තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ ටියානා සුමනසේකර 28 වැනි ස්ථානය හිමිකර ගත් බව දැනුම් දුන්නා.
එම ඉසව්වටම එක්වූ ශ්‍රී ලංකාවේ නූයාරා ප්‍රනාන්දු තරගයේ 35 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ බව වැඩිදුරටත් වාර්තා කළා.
Share This Article