බලංගොඩින් ඇසෙන අවාසනාවන්ත පුවතක්.. 17 හැවිරිදි සිසුවියකගේ සිරුරක් ගල්වලකින් හමුවෙයි...
බලංගොඩ පොලිස් වසමේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවියකගේ මෘත ශරීරයක් මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබෙන බවට ඊයේ (24) ලැබුණු පණිවිඩයක් මත බලංගොඩ පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කළා.
මෙසේ මියගොස් ඇත්තේ, බලංගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි අවුරුදු 17ක් වූ පාසල් සිසුවියක්.
මෙම සිසුවිය නිවසින් අතුරුදන්ව සිට ඇති බවට ඇගේ පියා විසින් බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විමර්ශන සිදු කරමින් සිටියදීයි ඇයගේ මෘත ශරීරය මෙලෙස ගල්වලක තිබී හමු වුණේ.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් දියේ ගිලී සිදුවූ මරණයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (25) බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, බලංගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බව දැනුම් දුන්නා.