මෙරට තනිව ජීවත්වන පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් වැඩිහිටි කාන්තාවන්.. ජන සංගණන සමීක්ෂණයෙන් හෙළිවූ අලුත්ම තොරතුරු...
Saturday, 25 July 2026 - 16:31 | Views - 26
මෙරට තනිව ජීවත්වන පුද්ගලයන් තුන්ලක්ෂ හැත්තෑදහස් දෙසිය විසිනවදෙනෙකුගෙන් (370,229) බහුතර පිරිසක් වන දෙලක්ෂ හැටහතරදහස් එකසිය විසිහත් දෙනෙකු (264,127) වැඩිහිටි කාන්තාවන් බව ජන හා නිවාස සංගණන සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙරට කාන්තාවන්, පිරිමින්ට වඩා වැඩි ආයු කාලයක් ජීවත්වීමේ ප්‍රවණතාවක් පවතින බවද මෙම සමීක්ෂණයේදී හඳුනාගත් බව වාර්තා වුණා.

සාම්ප්‍රදායානුකූලව සිදුවන විවාහවලදී බිරිඳ සැමියාට වඩා වයසින් අඩුවීම හේතුවෙන් බොහෝ අවස්ථාවලදී කාන්තාවන්ට සැමියාගේ අභාවයෙන් පසු තනිව ජීවත්වීමට සිදුවීමද මෙම තත්ත්වයට හේතු වී තිබෙන බව පෙන්වා දුන්නා.

වැඩිහිටි කාන්තාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් තම ජීවිතයේ අවසාන අවදිය තනිව හෝ සීමිත පවුල් සහායක් සහිත පරිසරයක ගත කරන අතර, ඔවුන් සඳහා ඉලක්කගත මූල්‍ය ආරක්ෂණ සහ නිවාස ආරක්ෂණ වැඩසටහන් අවශ්‍ය වී ඇති බව අදාළ සමීක්ෂණය මගින් අවධාරණය කළා.

ජාතික පුමිතිරි අනුපාතයට අනුව පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි බව පෙන්නුම් කළද, වයස්ගත විවාහක ව්‍යුහයන් තුළ මෙය විශාල අසමතුලිතතාවක් බවට පත්ව තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව වැඩිහිටි කාන්තාවන්ගෙන් සැලකිය යුතු කොටසක් තම ජීවිතයේ පසු අවදිය සැමියාගේ සහාය නොමැතිව ගත කරන බව පැහැදිලි වන බවද ප්‍රකාශ කළා. මෙම තත්ත්වය මත එම කාන්තාවන්ට ස්වාධීන ජීවනෝපායක්, මූල්‍ය සුරක්ෂිතතාව සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා ඉලක්කගත ජාතික ප්‍රතිපත්ති හා වැඩසටහන් සංවර්ධනය කිරීම සම්බන්ධව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ජන හා නිවාස සංගණන සමීක්ෂණයේදී වැඩිදුරටත් හඳුනාගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top