මෙරට ඩෙංගු මරණ 61 දක්වා ඉහළට.. සමස්ත ආසාදිතයින් ගණන 80,000 පනී...
Saturday, 25 July 2026 - 15:36 | Views - 27
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළා.

මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ. ඒ අනුව ජූලි මාසයේ 24 වන දින දක්වා පමණක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530ක් වන බව පෙන්වා දුන්නා.

වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 17,135ක් වනවා. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,574ක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

පළාත් මට්ටමින් සැලකීමේදී බස්නාහිර පළාතෙන් ඩෙංගු ආසාදිතයින් 42,835ක් හඳුනාගෙන ඇති බව අදාළ වාර්තාවේ සඳහන් කළා. එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 12,260ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,924ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top