ප්‍රමාද වී ආ ගමන් මල්ලෙන් එළියට ආ රහස... කටුනායකදී ස්පාඤ්ඤ ජාතිකයා රේගුවට කොටුවූ හැටි මෙන්න...
Saturday, 25 July 2026 - 15:14 | Views - 31
රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 79 හැවිරිදි වියේ පසුවන ස්පාඤ්ඤ ජාතිකයෙකු බවයි අදාළ ඒකකය සඳහන් කළේ.

කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙකු වන ඔහු පසුගිය 22 වෙනිදා සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR654 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

සැකකරු විසින් සිය අතෙහි රැගෙන ආ ගමන් මල්ල රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළද කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් සොයාගැනීමට නොහැකි වූ බවයි මත්ද්‍රව්‍ය පාලන ඒකකය පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත්, ඔහුගේ අනෙක් ගමන් මල්ල එම ගුවන් යානයෙන් නොපැමිණීම හේතුවෙන්, නියමිත පැමිණීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොළෙන් පිටව යාමට ඔහුට අවසර ලබා දී තිබුණා.

ප්‍රමාද වූ ගමන් මල්ල පසුව ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබූ අතර, එය භාර ගැනීම සඳහා සැකකරු ඊයේ (24) පස්වරු 6.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට පැමිණ තිබෙනවා.

එම ගමන් මල්ල නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් එය එක්ස්-රේ පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකටයුතු ද්‍රව්‍ය නිරීක්ෂණය වීම හේතුවෙන් පූර්ණ භෞතික පරීක්ෂාවක් සිදු කළ බව සඳහන් කළා.

එහිදී ගමන් මල්ල තුළ තිබූ ලිපිගොනු රඳවන දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් පාර්සල් හතරක් සොයාගැනීමට හැකිවුණා.

එහි මුළු බර කිලෝග්‍රෑම් 2.198ක් වන අතර, එහි දළ වීථි වටිනාකම රුපියල් මිලියන 109.9ක් පමණ වන බවට තක්සේරු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් කොකේන් තොගය වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව වැඩිදුරටත් දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top