උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව... මාර්ගගත ක්‍රමයට පහසුකම්...
Saturday, 25 July 2026 - 8:49 | Views - 32

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රවල (Admission) යම් සංශෝධනයක් සිදු කිරීමට තිබේ නම්, ඒ සඳහා මාර්ගගතව පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එමෙන්ම, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර තිබෙන බවත්, සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් කළා.
මීට අමතරව, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ට තැපැල් මාර්ගයෙන් යොමු කර තිබෙන බව පෙන්වා දුන්නා.
ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට පවතී නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස පහත පරිදි සංශෝධන සිදු කළ හැකි වනවා.
පාසල් අයදුම්කරුවන් සඳහා: විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය (User name & Password) භාවිත කර ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධන සිදු කළ යුතු වනවා.
පෞද්ගලික අයදුම්කරුවන් සඳහා: වෙබ් අඩවියට පිවිස තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් සංශෝධන සිදු කර ගත හැකි වනවා.
මෙම සංශෝධන සිදු කිරීම 2026 අගෝස්තු මස 03 වන දින මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වන අතර, සංශෝධන සඳහා ලබාදෙන කාලය නැවත කිසිසේත්ම දීර්ඝ නොකරන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
විභාගය සම්බන්ධයෙන් යම් විමසීමක් ඇත්නම් පහත සඳහන් අංක හෝ මාධ්‍ය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත හැකි බව වැඩිදුරටත් සඳහන් කළා.
ක්ෂණික ඇමතුම් අංකය: 1911
දුරකථන අංක: 011 2784208 / 011 2784537
ෆැක්ස් අංකය: 011 2784422
විද්‍යුත් තැපෑල (Email): [email protected]
Share This Article