ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරැකීමට ගත් තීරණාත්මක පියවර.. අලුතින් රක්ෂිත කෙරෙන කඩොලාන පද්ධති 08 මෙන්න.
Saturday, 25 July 2026 - 8:26 | Views - 34
මෙරට වනාන්තර පද්ධතිය අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි සංවේදී කඩොලාන වනාන්තර 08ක් අලුතින් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ජූලි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව, ජූලි 27 වන දින පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වෙන ජාතික උත්සවයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අදාළ ගැසට් පත්‍රවලට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වුණා.

අලුතින් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත කඩොලාන පද්ධති 08 ලෙස,

තිල්ලිඅඩිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 13.06

සම්මට්ටවාඩිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 10.91 (ජෛව විවිධත්වයෙන් ඉහළ, කාබන් තිර කරන අධි සංවේදී කලාපයක්)

මුතලප්පාලි කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 22.74

කුඩාව කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 4.43 (අධි සංවේදී, ජෛව විවිධත්වයෙන් පූර්ණ කලාපයක්)

කුඹුටු කුලියාව කඩොලාන රක්ෂිතය (ආරච්චිකට්ටුව) - හෙක්ටයාර් 4.47

කරඹේ කඩොලාන රක්ෂිතය (කල්පිටිය සහ මුන්දලම) - හෙක්ටයාර් 76.82

කන්දකුලිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 17.47

මණ්ඩල කුඩාව කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 12.82

ශ්‍රී ලංකාවේ සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ව්‍යාප්තව පවතින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය සහ කලපු ආශ්‍රිතව බව පෙන්වා දුන්නා. පර්යේෂණවලට අනුව මෙරටින් කඩොලාන ශාක විශේෂ 11ක් පමණ වාර්තා වන බව සඳහන් කළා.

එමෙන්ම, කඩොලාන පරිසර පද්ධතිවල පාරිසරික, ආර්ථික හා සමාජයීය වැදගත්කම සලකා 2015 UNESCO සමුළුවේදී ජූලි 26 වන දින අන්තර්ජාතික කඩොලාන සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කළ බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top