2024/2025 මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචිය අගෝස්තු 17ට පෙර.. මාර්ගගත ලියාපදිංචිය ඇරඹෙයි...
Friday, 24 July 2026 - 16:28 | Views - 26
2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළව, තේරී පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළා.

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල විසින් අවසාන තේරීම් ලේඛනය අදාළ විශ්වවිද්‍යාල වෙත දැනටමත් යොමු කර තිබෙන බව අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් සමීර ප්‍රසාද් විජේසිංහගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

ශිෂ්‍යත්ව සඳහා තේරී පත් වූ සිසුන්, 2026 අගෝස්තු 17 වන දිනට පෙර නිල වෙබ් අඩවියට පිවිසිය යුතු වනවා. එහිදී සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් මාර්ගගත ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකි බව අමාත්‍යාංශය සඳහන් කළා.

නිවේදනයට අනුව, සිසුන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පවතිනවා,

මාර්ගගත ලියාපදිංචියෙන් පසු, අදාළ අයදුම්පත බාගත කර, අත්සන් තබා, බැංකු පොතේ පිටපතක් හෝ බැංකු ගිණුම තහවුරු කිරීමේ ලේඛනයක් ද සමඟ තමන්ගේ විශ්වවිද්‍යාලයට භාර දිය යුතු වනවා. එමෙන්ම, ශිෂ්‍යත්ව මුදල් බැර කරනු ලබන්නේ අයදුම්කරුගේ නමින් පවතින ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ ඉතිරි කිරීමේ/ජංගම ගිණුමකට පමණක් බවත්, ඒකාබද්ධ බැංකු ගිණුම් පිළිනොගන්නා බවත් අමාත්‍යාංශය පෙන්වා දුන්නා.

ලියාපදිංචියේදී ලබා දෙන බැංකු ගිණුම් විස්තර පසුව වෙනස් නොකළ යුතු අතර, එසේ වෙනස් කිරීම ගෙවීම් ප්‍රමාද වීමට හේතු විය හැකි බවද දැනුම් දුන්නා. මීට අමතරව, වලංගු ජංගම දුරකථන අංකයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීම අනිවාර්ය කර තිබෙනවා.

ශිෂ්‍යත්ව සඳහා මෙවර තේරී පත් නොවූ සිසුන්ගේ අභියාචනා පවතී නම්, ඒවා 2026 ඔක්තෝබර් 15 දිනට පෙර අදාළ විශ්වවිද්‍යාල මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත යොමු කළ යුතු බව මහපොළ අරමුදල වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top