Mrs.Beast ලෙස අතගත් ඒ වාසනාවන්තිය කවුද..? ලොව අංක එකේ YouTube තරුව යුග දිවියට එළඹෙයි..
Friday, 24 July 2026 - 16:11 | Views - 32
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ් අන්තර්ගත නිර්මාණකරු MrBeast (ජිමී ඩොනල්ඩ්සන් - Jimmy Donaldson) සිය දීර්ඝකාලීන පෙම්වතිය වන දකුණු අප්‍රිකානු නිර්මාණකාරිනියක සහ ලේඛිකාවක වන තියා බූයිසන් (Thea Booysen) සමග විවාහ වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි පිහිටි සර් රිචඩ් බ්‍රැන්සන්ගේ (Richard Branson) නෙකර් දූපතේදී (Necker Island) මෙම විවාහ මංගල්‍යය පැවැත්වූ බවට වාර්තා වනවා.

පවුලේ සමීපතමයන් සහ මිතුරන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පෞද්ගලික උත්සවයේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් හි ප්‍රසිද්ධ කරමින් ජිමී සඳහන් කළේ "I found Mrs.Beast... And it was the best day of my life" (මට Mrs.Beast හමුවුණා, එය මගේ ජීවිතයේ හොඳම දිනයයි) යනුවෙන්.

මොවුන් දෙදෙනා ප්‍රථමයෙන්ම 2022 වසරේදී දකුණු අප්‍රිකාවේදී හමුවී තිබෙන අතර, 2024 නත්තල් දිනයේදී ගිවිසගෙන තිබෙනවා.

28 හැවිරිදි තියා බූයිසන් යනු අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා (Gaming) අන්තර්ගත නිර්මාණකාරිනියක මෙන්ම "The Marked Children" නැමැති ජනප්‍රිය නවකතාවේ කතුවරියද වන බව සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top