ලොවක් බලා සිටි GTA 6 පූර්ව ඇණවුම් නිල වශයෙන් ඇරඹෙයි.. CD තැටියක් වෙනුවට ඩිජිටල් කේතයක් සමඟින් එන Rockstar අලුත් විප්ලවය..
ලොව පුරා අතිශය ජනප්රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්රීඩා මාලාවේ නවතම සංස්කරණය වන Grand Theft Auto 6 (GTA 6) ක්රීඩාව සඳහා වන පූර්ව ඇණවුම් (Pre-orders) ලොව පුරා නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
මේ වසරේ වඩාත්ම අපේක්ෂිත වීඩියෝ ක්රීඩාව වන GTA 6, ලබන නොවැම්බර් 19 වනදා PlayStation 5 සහ Xbox Series X/S කොන්සෝල සඳහා නිකුත් කිරීමට නියමිතයි.
ඒ අනුව, GTA 6 හි Standard සහ Premium ලෙස සංස්කරණ දෙකක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ අනුව, Standard සංස්කරණය $79.99ක් වන අතර Premium සංස්කරණය $99.99ක් වෙන බවයි Rockstar සමාගම නිවේදනය කළා.
මීට පෙර 2013 වසරේදී GTA 5 නිකුත් වන විට එහි මූලික සංස්කරණය ඩොලර් 59.99ක් වූ අතර, සාමාන්යයෙන් අනෙකුත් දැවැන්ත ක්රීඩාවල මිල ඩොලර් 70ක් පමණ වෙනවා.
කෙසේ වෙතත්, ඩොලර් 10ක මෙම මිල වැඩිවීම දරාගත හැකි වුවද, ඉදිරියේදී ඩොලර් 80 සීමාව සාමාන්ය මිලක් බවට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවන බව රසිකයන් පවසනවා.
මෙය උපරිම පාරිභෝගිකයින් පිරිසක් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් Rockstar සහ එහි මව් සමාගම වන Take-Two විසින් අනුගමනය කළ ඉතා බුද්ධිමත් මිල උපායමාර්ගයක් බව නිව්යෝර්ක් විශ්වවිද්යාලයේ (NYU Ste) ක්රීඩා ව්යාපාර පිළිබඳ මහාචාර්ය ජූස්ට් වැන් ඩ්රූනන් (Joost van Dreunen) පෙන්වා දෙනවා.
GTA 6 යනු ලොව මෙතෙක් නිෂ්පාදනය කළ මිල අධිකම වීඩියෝ ක්රීඩාව විය හැකි බව විශ්ලේෂකයින් පවසනවා.
Rockstar සමාගම නිවේදනය කළ පරිදි, මෙවර GTA 6 හි භෞතික පිටපත් (Physical Copies) ලෙස වෙළඳපොළට පැමිණෙන කිසිදු සීඩී තැටියක් (Disc) අඩංගු නොවන අතර, ඇතුළත් වන්නේ ක්රීඩාව ඩිජිටල් ලෙස බාගත කරගැනීම සඳහා වන කේතයක් (Digital Download Code) පමණයි.
ක්රීඩාවේ මිල සාධාරණ වුවද තැටියක් නොමැති වීම භෞතිකව තැටි එකතු කරන්නන් (Physical Collectors) කනස්සල්ලට පත්කරන කරුණක් බව නිදහස් මාධ්යවේදිනියක වන වික් හුඩ් (Vic Hood) පවසනවා.