2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා... විභාග දෙපාර්තමේන්තුවෙන් අයදුම්කරුවන්ට දුන් වැදගත් උපදෙස් මෙන්න...
Friday, 24 July 2026 - 9:19 | Views - 35
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව, දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී, II වන ප්‍රශ්න පත්‍රයට පෙ.ව. 09:30 සිට පෙ.ව. 10:45 දක්වාත්, I වන ප්‍රශ්න පත්‍රයට පෙ.ව. 11:15 සිට ප.ව. 12:15 දක්වාත් කාලය ලබා දී තිබෙන බවද අදාළ නිවේදනයේ සඳහන් කළා.

මෙම විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

එමෙන්ම, එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරුවල යම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම්, අද (23) සිට අගෝස්තු මස 03 වන දින දක්වා කාලය තුළ මාර්ගගතව (Online) විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top